ලොව පුරා කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 430,000 සීමාව කරා පැමිණ ඇති බව වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (14දා) අලුයම වනවිට එම අගය පැවතුණේ 429,632ක් වශයෙනි.
එමෙන්ම ගෝලීයව වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 77.6 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එම අගය අද අලුයම 7,763,921ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා කළේය.
මේ අතර වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස 3,682,950ක් බවද එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.