ලොව පුරා කොවිඩ් මරණ 425,000ක සීමාව පසු කරයි


ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 425,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (13දා) අලුයම එම අගය දැක්වුණේ 425,313ක් වශයෙනි.

එමෙන්ම ගෝලීයව නව කොරෝනා වෛරසය ආසාදිතව සිටින පිරිසද ලක්ෂ 76ක් ඉක්මවා ඇති අතර, අද එම අගය දැක්වුණේ 7,628,687ක් වශයෙනි.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිසද 3,612,872ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.



Recommended Articles