ලොව පුරා කොවිඩ් මරණ 206,000ක් ඉක්මවා ගිහින්


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ මරණ 206,402ක් ලෙස අද (27දා) අලුයම වනවිට වාර්තා විය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව මේ වනවිට වෛරසය ආසාදනය වූ සමස්ත පිරිස මිලියන 3 සීමාවට පැමිණ තිබේ.

ඒ අනුව ලොව පුරා මේ වනවිට 2,968,627 දෙනෙකු වෛරසය ආසාදිත වී ඇති බව එම විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම මේ දක්වා වෛරසය ආසාදිතව රෝහල්ගතවූ පුද්ගලයන් 864,122 දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.



Recommended Articles