ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් ලක්ෂ 90 සීමාවට පැමිණ තිබේ.
ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (22දා) උදෑසන එම සමස්ත ආසාදිත අගය දැක්වුණේ 8,926,050ක් වශයෙනි.
මේ අතර නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාවද 467,611ක් ලෙස මේ වනවිට එම දත්ත වාර්තා කරයි.
වෛරසය ආසාදිතව දැනට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 4,411,790ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.
වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එය තවමත් මාරාන්තික බවත්, බොහෝ මිනිසුන් තවමත් එයට ගොදුරු වෙමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද පසුගියදා කියා සිටියේය.