ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 79 සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (15දා) උදෑසන වනවිට එම අගය පැවතුණේ 7,893,700ක් වශයෙනි.
එමෙන්ම ගෝලීය වශයෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 433,000 සීමාව කරා පැමිණ තිබේ.
එම අගය අද උදෑසන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය දක්වා තිබුණේ 432,922ක් ලෙසිනි. මේ අතර වෛරසය ආසාදිතව සුවය ලැබූවන් මේ වනවිට 3,766,886ක් ලෙස දක්වා ඇත.
මේ අතර වැඩිම ආසාදිතයන් වාර්තා වන රටවල් අතර ඇමෙරිකා එක්සත් ජනපදය ආසාදිතයන් 2,093,448ක් සමග ඉදිරියෙන්ම සිටියි.
එහිදී බ්‍රසීලය ආසාදිතයන් 867,624ක්, රුසියාව ආසාදිතයන් 528,267ක්, ඉන්දියාව ආසාදිතයන් 320,922ක්, බ්‍රිතාන්‍ය ආසාදිතයන් 297,342ක් ආදී වශයෙන් වැඩිම ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුව පෙළ ගැසෙයි.
කොවඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සැලකීමේදීද වැඩිම මරණ වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එම අගය 115,732කි.
එහිදී බ්‍රසීලයෙන් මරණ 43,332ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 41,783ක්, ඉතාලියෙන් මරණ 34,345ක්, ප්‍රංශයෙන් මරණ 29,410ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 27,136ක් ලෙස වැඩිම මරණ වාර්තා වීම්ද පෙළ ගැසෙයි.