ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 100 ආසන්නයට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (27දා) අලුයම එම අගය 9,776,392ක් ලෙස සටහන් විය.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 493,604ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 50 සීමාවට පැමිණ ඇති අතර, එම අගය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල අද වාර්තා කළේ 4,922,284ක් ලෙසිනි.
කෙසේ වෙතත් ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් විසින් නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇතැම් රටවල ආරම්භ වන බවට අනතුරු අඟවා තිබේ.
විශේෂයෙන්ම ඇමෙරිකානු කලාපයේ (උතුරු ඇමෙරිකාව සහ ලතින් ඇමෙරිකාව) මෙන්ම දකුණු ආසියාවේ රටවල් කිහිපයක තත්ත්වය අවදානම් බවද සඳහන් කර ඇත.