ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් අගය මේ වනවිට මිලියන 8ක සීමාවද පසුකර ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය අද (16දා) උදෑසන දැක්වුණේ 8,014,554ක් ලෙසිනි.
එසේම ගෝලීයව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාවද 436,000ක අගය ඉක්මවා ගොස් තිබේ.
එම අගයද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මගින් අද උදෑසන දක්වා සිටියේ 436,306ක් වශයෙනි.
මේ අතර, වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 3,843,751ක් බව එම දත්ත වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නට විය.