ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 90 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (23දා) අලුයම එම අගය දැක්වුණේ 9,071,984ක් ලෙසිනි.
එසේම ගෝලීයව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 471,000 ඉක්මවා ඇති අතර, එය අගය මේ වනවිට දැක්වෙන්නේ 471,554ක් ලෙසිනි.
මේ අතර වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූවන් ලක්ෂ 45ක සීමාවට පැමිණ ඇති බවද දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.