ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ 528,000 ඉක්මවා යයි


ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව අද (05දා) අලුයම වනවිට 528,232ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සටහන් කර තිබේ.

එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සමස්ත අගය 11,169,802ක් ලෙසද එම විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වනවිට වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූ පිරිස හැට ලක්ෂය ඉක්මවා ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අද (05දා) අලුයම එම අගය දැක්වුණේ 6,010,342ක් ලෙසිනි.



Recommended Articles