ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ 370,000 සීමාව කරා


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 370,000 සීමාව කරා ළඟාවෙමින් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අද (31දා) අලුයම ලොව පුරා කොවිඩ්-19 සංඛ්‍යාව දැක්වුණේ 368,711ක් වශයෙනි.

එමෙන්ම ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිත පිරිසද ලක්ෂ 60 සීමාව පසුකර ඇති අතර, එම අගය අද (31දා) අලුයම දැක්වුණේ 6,057,091ක් වශයෙනි.

කෙසේ වෙතත් වෛසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 25 සීමාව පසුකර ඇති අතර, එම අගය මේ වනවිට දැක්වෙන්නේ 2,564,462ක් වශයෙනි.



Recommended Articles