ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිත පිරිස වූවන්ගේ සමස්ත අගය ලක්ෂ 85ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (19දා) අලුයම එම අගය දක්වා තිබුණේ 8,453,080ක් වශයෙනි.
මේ අතර කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 453,216ක් බව එම දත්ත දක්වා ඇත.
එසේම වෛරසය ආසාදිතව මේ වනවිට සුවය ලබා ඇති සමස්ත පිරිස 4,134,210ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.