ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 510,000 සීමාව කරා පැමිණ තිබේ.
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝට් හාර ලක්ෂයේ සීමාව පැන ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (07දා) උදෑසන එම අගය දැක්වුණේ 10,434,835ක් වශයෙනි.
එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 509,779ක් ලෙස එම වාර්තා වැඩිදුරටත් දක්වා තිබේ.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව මේ වනවිට සුවය ලබා ඇති පිරිසද 5,322,785ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.