ලොව පුරා කොවිඩ්-19 වසංගතය ආසාදිත වූවන් එක්කෝටි දහඅට ලක්ෂයේ සීමාවට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (08දා) උදෑසන වනවිට එම අගය 11,797213ක් ලෙස සටහන් විය.
එමෙන්ම ලෝකයේ බොහෝ රටවල් වෛරසය හමුවේ පරාජය වන පසුබිමක වෛරසය ආශ්‍රිත මරණ 543,595ක් බවද එම දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් කොවිඩ්-19 වෛරසය ආසාදිතව මේ වනවිට සම්පූර්ණ සුවය ලැබූවන් ලක්ෂ 64 ඉක්මවා ඇති බවද සඳහන් වෙයි.