ලොව පුරා කොවිඩ් ආසාදිත 226,000 පූර්ණ සුවය ලබලා


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස මේ වනවිට 1,100,000කට ආසන්න වෙමින්, 1,097,909ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 59,131ක් ලෙස වාර්තා වන බව එම දත්ත පවසයි.

එහිදී සමස්තයක් ලෙස මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදනය වී රෝහල්ගතව සිටි 225,942ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

වෛරසය ආසාදිතයන් වැඩිම රට ලෙස ඇමෙරිකාව ඉදිරියට පැමිණ ඇති අතර, එරටින් මේ වනවිට ආසාදිතයන් 276,995ක්ද, ආසාදිතයන් 119,827ක් සමග ඉතාලිය දෙවැනි තැනද, ආසාදිතයන් 119,199ක් සමග ස්පාඤ්ඤය තෙවැනි තැනද, ආසාදිතයන් 91,159ක් සමග ජර්මනිය සිව්වැනි තැනද ගෙන ඇති අතර, මේ වනවිට රෝගය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති චීනයේ ආසාදිතයන් 82,511ක් සමග පස්වැනි තැන පසුවෙයි.

මේ අතර වෛසරයෙන් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති ඉතාලියේ මරණ සංඛ්‍යාව මේ වනවිට 14,681ක් ලෙසද, දෙවනුවට ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 11,198ක් ලෙසද, තෙවනුව ප්‍රංශයේ මරණ සංඛ්‍යාව 6,507ක් ලෙසද වාර්තා වෙයි.



Recommended Articles