ලොව පුරා කොවිඩ් ආසාදිත 14,223,000ක් ඉක්මවා යයි


ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,223,132ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19දා) අලුයම වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 7,984,941ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.



Recommended Articles