ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 450,000 සීමාව කරා වේගවත්ව ඇදෙමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (18දා) උදෑසන එම සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 448,455ක් වශයෙනි.
එමෙන්ම ගෝලීයව කොවිඩ්-19 වෛරසය ආසාදිතවූ සමස්ත අගය 8,328,538ක් ලෙස එම දත්ත වාර්තා අද උදෑසන පෙන්වා දෙනු ලැබීය.
මේ අතර වෛරසය ආසාදිතව සම්පූර්ණ සුවය ලැබූවන් ලක්ෂ 40 ඉක්මවා ඇති අතර, අද උදෑසන එම අගය දැක්වුණේ 4,035,605ක් ලෙසිනි.