ලොව පුරා කොවිඩ්-19 මරණ ලක්ෂ 3 ඉක්මවයි


ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව පසුකර, අද (15දා) අලුයම වනවිට මරණ 302,115ක් වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

එමෙන්ම ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 45 සීමාව කරා පැමිණ, මේ වනවිට 4,438,371ක් ලෙස වාර්තා විය.

එම විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට ලොව පුරා වෛරසය ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිසේ අගය දැක්වෙන්නේ 1,586,257ක් ලෙසිනි.



Recommended Articles