ලොව පුරා කොවිඩ්-19 මරණ 177,000කට ආසන්න වෙලා


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට මේ වනවිට ලෝක ජනගහනයෙන් 2,561,000කට වැඩි පිරිසක් ගොදුරුව ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 177,000කට ආසන්න බවයි. අද (22දා) පාන්දර වනවිට එම අගය දැක්වුණේ 176,984ක් ලෙසිනි.

මේ අතර ආසාදිතයන්ගෙන් රෝහල්ගතව මේ වනවිට සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 680,000ක සීමාවට පැමිණි ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles