කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදනය වීම මිලියනය ඉක්මවා යමින්, 1,013,157ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා මියගිය පිරිස 50,000 ඉක්මවා යමින්, 52,983ක් ලෙස එම දත්ත පවසා සිටියි.
මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට මේ දක්වා සුවය ලබා ඇති පිරිස 210,263ක් බවද එම දත්ත පෙන්වා දෙයි.
වැඩිම ආසාදිතයන් පිරිස ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම අගය 250,000කට ආසන්නය. දෙවනුවට ඉතාලියෙන් ආසාදිතයන් 115,242ක්ද, ස්පාඤ්ඤයෙන් 112,065ක්ද, ජර්මනියෙන් 84,794ක්ද ලෙස වාර්තා වන්නේ වෛරසයේ මූලාරම්භය සිදුව මේ වනවිට එහි පැතිරීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් 82,432ක පිරිස අභිභවමිනි.