ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 722,000යි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා පුද්ගලයන් 721,817 දෙනෙකු වෙත මේ වනවිට ආසාදනය වී ඇති බව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 33,968ක් ලෙස එම දත්ත පෙන්වා දෙයි.

මෙහිදී එක්සත් ජනපදය වැඩිම ආසාදිතයන් පිරිස ලෙස 142,328ක් වාර්තා කරන අතර, ඉතාලිය ආසාදිතයන් 97,689ක්ද වාර්තා කරයි.



Recommended Articles