ලොව පුරා කොවිඩ්-19 ආසාදිත 857,000 පනී - මරණ 42,107


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතය වූ පිරිස ලොව පුරා 857,487ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වයි.

එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 42,107ක් ලෙස වාර්තා වන බවද ඔවුන් කියයි.

මෙම මරණ අතරින් වැඩිම මරණ ඇමෙරිකාවෙන් වාර්තා වන අතර එම අගය 188,172කි. දෙවනුවට ඉතාලියෙන් මරණ 105,792ක් වාර්තා වෙයි. තෙවනුවට වැඩිම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. එම අගය 95,923කි.

මේ අතර වෛරසය ආසාදනය වී මේ දක්වා ලොව පුරා සුවවී ඇති පිරිස 178,034කි.



Recommended Articles