කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 464,000ක් බවට පත්ව ඇති බව අද (21දා) උදෑසන ජෝන්ස් හොප්කින්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස 8,768,285ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා තහවුරු කරයි.
මේ අතර වෛරසය ආසාදිතව සිට මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 4,347,162ක් බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පවසයි.