ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට වසර 75ක් සපිරෙයි


මිනිස් ජීවිත 140,000කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල කළ ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය සිදුවූ අදට (06දා) වසර 75ක් සපිරෙයි.

ඒ අනුව ලෝකයේ පළමු වැනි පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ජපානයේ හිරෝෂිමා හි සීනුව නාද වූ ඇති අතර, නව කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් උත්සව අඩු වී ඇතත්, නගරාධිපති විසින් ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ න්‍යෂ්ටික නිරායුධකරණය වඩාත් බැරෑරුම් ලෙස සිදුකිරීමට පෙළ ගැසෙන ලෙසයි.

සාමයේ සංකේතයක් ලෙස දහස් ගණනක් සාමාන්‍යයෙන් මධ්‍යම හිරෝෂිමා හි සාම උද්‍යානයට එක්රැස්වීම මෙහිදී සාමාන්‍යයෙන් සිදුවූවද මෙවර එය සීමා කෙරුණු අතර, දිවි ගලවාගත්තවුන් පිරිසක් සහ විදේශීය සම්භාවනීය අමුත්තන් අතලොස්සක් පමණක් සහභාගී විය.

ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු කළු ඇඳුමින් සැරසී මුඛ ආවරණ පැළඳ, උදේ 8: 15ට නිහඬතාවක් පැවැත්වීය.

ලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි ජීවත් වූ 350,000ක ඇස්තමේන්තුගත ජනගහනයෙන් 140,000කට මරු කැඳවමිනි.

එසේම තුවාල හා විකිරණ ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් තවත් දහස් ගණනක් පසුව මිය ගියහ.

මෙහි දෛවෝපගත සිදුවීමක් ලෙස මෙම පරමාණු බෝම්බයෙන් පහෙන් එකක් තරම් වන පිපිරුම් බලයක් ඇති කරමින්, ලෙබනනයේ, බේරූට් නගරයේ වරාය සංකීර්ණයේ ගබඩාවක අනාරක්ෂිත ආකාරයෙන් ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් මෙට්‍රික් ටොන් 2,750ක් පිපිරීමෙන් බේරූට් නගරයද සුන්බුන් ගොඩක් බවට අද පත්කර ඇත. දැනට 140කට ආසන්න ජීවිත හානි වාර්තා වී තිබුණත්, එහි මරණ සංඛ්‍යාවද වැඩිවිය හැකි බව කියැවෙයි.



Recommended Articles