ෆෝබ්ස් සඟරාව විසින් 2019 වසර සඳහා ඉදිරිපත් කළ ලොව ධනවත්ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ජනප්‍රිය පොප් ගායිකා රිහානා සමත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙහි විශේෂත්වය වන්නේ ඇය පසුගිය වසර තුනකට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නොමැති තත්ත්වයකද මෙසේ ලොව ධනවත්ම ගායිකාව වීමය.
නමුත්, මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීම්වලදී රිහානා, වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බැවින් ඇයගේ වත්කම් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
ඇය 'ෆෙන්ටි' නමින් හැඳින්වෙන රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළෙහි හිමිකාරිය වන අතර, ඇය සතුව කාන්තා නිමි ඇඳුම් හා යට ඇඳුම් ව්‍යාපාරයන්ද පවතී. ඒ අනුව, රිහානාගේ සමස්ත වත්කම ඇ.ඩො.මිලියන 600ක් බව ඇස්තමේන්තු කර තිබේ.
ඒ අනුව, මීට පෙර ලොව ධනවත්ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටි මැඩෝනා සහ බියොන්සේ පරදා රිහානා ඉදිරියට පැමිණ ඇත.
කෙසේ වෙතත්, ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව හෙළිදරව් කරන ධන කුවේරයන්ගේ ලැයිස්තු අනුව මේ වසරේ ධනවත්ම ගායිකාවන් සිව් දෙනා අනුපළිවෙළින්, රිහානා, මැඩෝනා, සෙලින් ඩියෝන් සහ බියොන්සේ ය.
31 හැවිරිදි වියෙහි පසුවන රිහානා අවසන් වරට Anti ගීත ඇල්බමය එළි දැක්වූයේ 2016 වසරේදීය.