චීනයේ දැවැන්ත ජලවිදුලි බලාගාරයක්, ගිගාවොට් 16ක විදුලි උත්පාදනයක් සිදුකරමින් පූර්ණ ක්‍රියාකාරී මට්ටම කරා පැමිණ තිබේ.
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ ත්‍රී ගෝර්ජස් වේල්ල ව්‍යාපෘතියට පමණක් දෙවැනි වන මෙහි සම්පූර්ණ ස්ථාපිත ධාරිතාව අනුව එය ලොව දෙවැනි විශාලතම ජල විදුලි බලාගාරය වේ.
බෙයිහෙටන් වේල්ල යනු චීනයේ ජින්ෂා ගඟේ ඉංජිනේරුමය දර්ශනයකි. එය යැංසි ගංගාවේ ඉහළින් වූ කොටසක් වන අතර නිරිතදිග චීනයේ සිචුවාන් සහ යුනාන් පළාත් හරහා දිව යයි.
බෙයිහෙටන් වේල්ල උපරිම උස මීටර් 289කි. එය හරස් අතට සහ දිගට වක්‍රවන අතිශය ඉහළ ද්විත්ව වක්‍ර ආරුක්කු ස්වරූපයකින් නිමවී ඇත. එය පිහිටා ඇත්තේ ගංගා නිම්නයේ ජල ස්ථිතික පීඩනය එය සම්බන්ධ කරන පැතිවල පාෂාණමය කඳු දක්වා පැතිර යමිනි.
එවැනි සැලසුමක් ආරක්ෂාව වැඩි දියුණු කරන අතරම ඉදිකිරීම් ද්‍රව්‍ය ඵලදායී ලෙස ඉතිරි කර තිබේ. මෙහි වාන් දොරටු මගින් තත්පරයට මීටර් 47ක වේගයෙන් ජලය බැහැර කළ හැකිය.