ලොව කොවිඩ් මරණ 150,000 ඉක්මවයි - මි. 2.2ක් ආසාදිතයි


ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 153,822ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

එමෙන්ම මේ වනවිට ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,240,191ක් බවද එම දත්ත පෙන්වා දෙයි.

මෙම සමස්ත ආසාදිතයන්ගෙන් රෝහල්ගතව සිට මෙතෙක් සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇත්තේ 568,343ක් තරම් පිරිසක් බවද ජෝන්ස් හොප්කින්ස් දත්ත වැඩිදුරටත් පවසයි.



Recommended Articles