ලොව කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 18.5ක් කරා වේගයෙන්


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 1,850,000ක් දක්වා වේගවත් වෙමින්, මේ වනවිට 1,846,963ක් ලෙස වාර්තා වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි ලෝකයේ කොවිඩ්-19 මරණ මේ වනවිට 114,101ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්තයක් ලෙස වෛරසය ආසාදනය වීමෙන් පසුව සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලෝක මට්ටමින් 421,728ක් පමණක් බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.

වෛරසයේ වැඩිම ආසාදිතයන් සහ මරණ ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන අතර එම අගයන් පිළිවෙළින් 555,398ක් සහ 22,023කි. දෙවනුවට වැඩිම ආසාදිතයන් ස්පාඤ්ඤයෙන් 166,831ක් ලෙස වාර්තා වන අතර, එරට මරණ 17,209කි. තෙවනුවට වැඩිම ආසාදිතයන් 156,363ක් ලෙස ඉතාලියෙන් වාර්තා වන අතර, එරට මරණ 19,899කි. ප්‍රංශය සිව්වනුව වැඩිම ආසාදිතයන් 133,670ක් ලෙස වාර්තා වන අතර, එරට මරණ 14,393කි. ජර්මනිය පස්වනුව වැඩිම ආසාදිත පිරිස 127,854ක් ලෙස වාර්තා වන අතර, එරට මරණ 3,022කි.



Recommended Articles