ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි දහසය ලක්ෂයේ සීමාවට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (07දා) එය සටහන් කරනු ලැබුවේ 11,592, 259ක් වශයෙනි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා සිදුව ඇති ගෝලීය මරණ සංඛ්‍යාවද 537,487ක් බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ වනවිට ලක්ෂ 63කට ආසන්න පිරිසක් වෛරසය ආසාදිතව සිට සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත සටහන් කරයි.