ලොවපුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් එක්කෝටි දශ ලක්ෂයේ සීමාව ඉක්මවා යෑම වඩාත් වේගවත්ව සිදුව තිබේ.
ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අද (04දා) අලුයම එම අගය දැක්වුණේ 11,045,713ක් ලෙසිනි.
එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාවද 524,577ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත.
මේ වනවිට ඇමෙරිකාව මෙන්ම, බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකාව, ඉන්දියාව සහ දකුණු ආසියාව, මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේද ආසාදිතයන් වැඩිවීමක් වාර්තා වන බව දත්ත වාර්තා පෙන්වා දෙයි.