ලොව උසම ගොඩනැගිල්ලත් ශ්‍රී ලංකාවට ගෞරව දැක්වූ හැටි


ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් සිහිපත් කර එය සිංහ ධජයෙන් වර්ණවත් කර තිබේ.

මීට අමතරව, අබුඩාබි නුවර තවත් ප්‍රධාන ස්ථාන කිහිපක් මෙසේ සිංහ ධජයෙන් වර්ණවත් වූ බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුලුණ පසුගියදා ශ්‍රී ලංකාවේ විපතට පත්වූවන් සිහිපත් කරමින් එහි විදුලි බුබුළු නිවා දැමීම මීට පෙර සිදුවිය.



Recommended Articles