ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් එක්කෝටි දාහතර ලක්ෂයේ සීමාවට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (07දා) අලුයම එම අගය පැවතුණේ 11,398,501ක් වශයෙනි.
එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි 533,343ක් බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ වනවිට වෛරසය ආසාදිතව සම්පූර්ණ සුවය ලැබූවන් 6,156,360ක් බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.