ලොව අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ප්‍රමුඛ මධ්‍යස්ථානයක්


දකුණු චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය ලොව ප්‍රමුඛ ස්ථානයක් බවට පත් කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං ඉල්ලා තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයාද වන ජනාධිපති ෂී, අඟහරුවාදා එම පහසුකම නිරීක්ෂණය කරමින් යෙදුණු චාරිකාවකදී මෙම ප්‍රකාශ කළේය.

ඔහු එහි රැඳී සිටින සියලුම කාර්ය මණ්ඩලයට සුබ පැතුම් පිරිනැමූ අතර, ඔවුන්ගේ වගකීම්වලට උරදෙන ලෙසත්, නව්‍යකරණයන්ට සහ නව ජයග්‍රහණ ඇති කිරීමට නිර්භීත වන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

2016 දී ක්‍රියාත්මක කරන ලද වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය චීනයේ එකම අඩු අක්ෂාංශ වෙරළබඩ දියත් කිරීමේ ස්ථානයයි. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මධ්‍ය මොඩියුලය වන ටියාන්හේ, චැන්ගී-5 චන්ද්‍ර ගවේෂණ යානය සහ ටියාන්වෙන්-1 අඟහරු ගවේෂණය ඇතුළු ප්‍රධාන මෙහෙයුම් මාලාවක් මෙම ස්ථානයෙන් දියත් කරන ලදී.

චීනයේ නව පරම්පරාවේ අධි තෙරපුම් වාහක රොකට්ටු දියත් කරන ස්ථානය සහ රටේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රධාන මධ්‍යස්ථානය, වෙන්චැං බව අවධාරණය කරමින් ෂී ජනාධිපතිවරයා, එහි යානා දියත් කිරීමේ කුලුණ සහ අනෙකුත් පහසුකම්ද පරීක්ෂා කළේය.

ෂී පවසන පරිදි චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වසරේ නිම කිරීමට නියමිතය. ඒ අනුව, ටියැන්සෝ-4 සහ ටියැන්සෝ-5 භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා මෙන්ම වෙන්ටියැන් සහ මෙන්ග්ටියැන් විද්‍යාගාර මොඩියුල මෙම වෙන්චැං වෙතින් දියත් කෙරේ.



Recommended Articles