ලොම්බොක් භූ කම්පනයෙන් කොටු වූ කඳු නගින්නන් පිරිස බේරාගැනේ


ඉන්දුනිසියාවේ, ලොම්බොක් දූපතේ ප්‍රබල භූ කම්පනයෙන් පසුව සිදුවූ නායයෑම් හේතුවෙන් ගිනිකඳු සහිත ප්‍රදේශයේ කොටුවූ සංචාරකයන් පිරිස දිනකට පසුව බේරාගෙන තිබේ.

කඳු නගින්නන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති රින්ජානි කඳුකර ප්‍රදේශයේ සිරවී සිටි මෙම පිරිස බේරාගැනීම සඳහා සිය ගණනක් ඉක්මවූ මුදාගැනීමේ කණ්ඩායම් කටයුතු කළ බව විදෙස් වාර්තා පවසයි.

මෙම කඳුකරයේ වූ සංචාරක කඳවුරට ආසන්නයෙන් රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනයක් පසුගිය ඉරිදා ඇති වීමෙන් පසුව සිදුවූ නායයෑම් නිසා ඔවුන්ට යළි පහළට පැමිණීමට තිබූ මාර්ග සියල්ල ඇහිරී තිබුණි.

මෙම ස්වභාවික විපත හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 330කට වැඩි පිරිසක් තුවාල ලැබීය.

මුදාගැනුණු වැඩි පිරිස විදෙස් සංචාරකයන් බව පවසන ජීවිතාරක්ෂක නිලධාරීන් සඳහන් කරන්නේ මෙම සියලු පිරිස රාත්‍රිය උදාවීමට පෙර කඳු පාමුලට රැගෙන ඒම අපහසු විය හැකි බවද පවසා සිටියි.



Recommended Articles