චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී, කටාර් නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි සමග ද්විපාර්ශ්වික සබඳතා සහ ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
චීනය සහ කටාරය වැදගත් උපායමාර්ගික හවුල්කරුවන් බව සඳහන් කළ වැන්ග්, චීනය සමග මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීමට කටාරය දක්වන කැපවීම චීනය අගය කරන බව පැවසීය.
චීන-කටාර් උපායමාර්ගික හවුල්කාරිත්වයේ ප්‍රගතිය ගැන කතා කරමින්, ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් එක් තීරය සහ මාවතක් මුලපිරීම ඒකාබද්ධව ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් කල් ඇතිව අත්සන් කිරීම, සෑම ක්ෂේත්රයකම සහයෝගීතාව පුළුල් කිරීම සහ ඊට යොමුවීම තුළින් රාජ්‍ය නායකයන් දෙදෙනා ඇති කර ගත් වැදගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමට චීනය කටාර් සමග කටයුතු කිරීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.
කටාරයේ ක්‍රියාකාරී මැදිහත්වීම සහ ඇෆ්ගනිස්ථාන ප්රශ්නයේදී එය ඉටු කරන සුවිශේෂී කාර්යභාරය චීනය අගය කරන බව වැන්ග් පැවසීය.
"සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහාත්, කලාපීය සාමය සහ ස්ථාවරත්වයට මෙන්ම ලෝක සමෘද්ධියට සහ සංවර්ධනයට දායක වීමටත් කටාර් සමග උපායමාර්ගික සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටිනවා" ඔහු පැවසීය.
ගෝලීය තිරසාර සංවර්ධනය සහ ඩිජිටල් ආර්ථිකයේ යහ සම්පන්න සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා කටාරය ගෝලීය සංවර්ධන මුලපිරීමේ ක්‍රියාකාරී සහභාගීත්වයක් සහ චීන-අරාබි දත්ත ආරක්ෂණ සහයෝගීතා මුලපිරීම සඳහා හැකි ඉක්මනින් සම්බන්ධ වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවද වැන්ග් පැවසීය.
කටාර් අමාත්‍යවරයා සඳහසන් කළේ, මෑත වසරවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ විශිෂ්ට පිම්ම අගය කරන බවත්, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ ලොකු කුඩා සියලු රටවල සමානාත්මතාව පිළිබඳ චීනයේ ප්‍රතිපත්තියට කටාර් රාජ්‍යය ඉතා ඉහළින් අගය කරන බව පැවසීය.
එක් තීරය සහ මාවතක් මුලපිරීම ඒකාබද්ධව ගොඩනැගීමේ රාමුව තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා චීනය සමග කටයුතු කිරීමට කටාර් සූදානම් බව ඔහු අවධාරණය කළේය.
කටාරය සඳහා ආසියාවේ වැදගත්ම ආයෝජන ගමනාන්තය චීනය බව පවසමින්, චීනයේ ආයෝජන වැඩි කිරීමට සහ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ක්‍රියාකාරීව ගවේෂණය කිරීමට කටාර් රාජ්‍යයේ කැමැත්ත ප්‍රකාශ කළේය.
චීන ජනාධිපති ෂී ජින්පින් විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරීම සඳහා කටාර් රාජ්‍යය සහාය දෙන බවත් චීන-අරාබි දත්ත ආරක්ෂණ සහයෝගීතා මුලපිරීම සඳහා ක්‍රියාකාරී ප්‍රවේශයක් ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන්, ජාත්‍යන්තර ප්‍රජාව ඇතිවිය හැකි මානුෂීය අර්බුදය සමනය කිරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඇෆ්ගනිස්ථානයේ ස්ථාවරත්වය මෙන්ම කලාපීය සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමට හිතකර දිශාවකට තත්ත්වය ප්‍රවර්ධනය කළ යුතු බවට දෙපාර්ශ්වය එකඟ විය.