ලෙබනනයේ ප්‍රබල විරෝධතා - අමාත්‍යංශ වෙත පහර දෙයි


ලෙබනනයේ බේරූට් නගරයේ රජයට එරෙහිව ඇතිවී තිබෙන උද්ඝෝෂණ වඩාත් තීව්‍ර හා ප්‍රචණ්ඩකාරී වෙමින්, ඊයේ (08දා) රජයේ අමාත්‍යාංශ කිහිපයක් වෙතම දැඩි අලාභානි සිදුකරමින් ඒවාට පහරදී තිබුණි.

ලෙබනනයේ අගනුවර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත පිපිරීමක් සිදුවී දින පහකට පසු ලෙබනනයේ පාලකයන් ඉල්ලා අස්විය යුතු යැයි පවසමින් කෝපාවිශ්ඨ වූ පෙලපාලිකරුවෝ විදේශ අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය සහ ආර්ථික අමාත්‍යංශය අත්පත් කර ගත්හ.

රටේ නරක අතට හැරෙන බැංකු අර්බුදයට දොස් පැවරූ විරෝධතාකරුවන් එරට බැංකු සංගමයද අත්පත් කරගෙන තිබේ.

බේරූට් රජයට ඉල්ලා අස්වන ලෙස එල්ලවන දැඩි බලපෑම් හමුවේ උද්ඝෝෂණය ආරම්භ වී පැය කිහිපයකින් එරට අග්‍රාමාත්‍ය හසන් ඩයබ් රට තුළ කලින් මැතිවරණය පැවැත්වීමට පොරොන්දු විය. එහිදී ඉක්මන් මැතිවරණයක් කැඳවීමට නීති සම්පාදනය කරන බව පැවසූ ඩයබ්, ප්‍රධාන පක්ෂවල එකඟතාව අනුව එලැඹෙන මාස දෙකක කාලයක් රජය පවත්වාගෙන යන බව කීය.

නමුත් එරට විරෝධතාකරුවන් ඔහුගේ ප්‍රකාශයෙන් සෑහීමකට පත්නොවූ අතර, ඒ සමග විරෝධතාවලට දස දහස් ගණන් සහභාගී වෙමින් ඔවුන් ආරක්ෂඛ අංශවලට ගල්මුල් සහ පෙට්‍රල් බෝම්බවලින් දමා ගසන ආකාරය දැකිය හැකිවිය. එහිදී විරෝධතා විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි. ඔවුන් මුලින්ම විදේශ අමාත්‍යාංශය අත්පත් කරගනිමින් එය ඔවුන්ගේ විප්ලවයෙ මූලස්ථානය බව ප්‍රකාශයට පත්කළේය.

ඇමෝනියම් නයිට්රේට් තොගයක්, 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබීමෙන් ඇති වූ පිපිරීමට පාලක පක්ෂය සෘජුවම වගකිව යුතු බව පැවසූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම රජය ඉල්ලා අස්වීමය.

මෙම උද්ඝෝෂ හේතුවෙන් ලෙබනන් ආරක්ෂක හමුදාවේ එක් සාමාජිකයෙක් මියගොස් ඇති අතර, උද්ඝොෂකයන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ඉන් 63 දෙනෙකු රෝහල් වෙත මාරු කර යවා ඇති බව ලෙබනන් රතු කුරුස සංවිධානය පවසයි. තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද සිටිති.

"එක් අතකින් විරෝධතාකරුවන් ගොඩනැගිලි ගිනිබත් කරන අතර ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ ගියවිට, ඔවුන් පොලීසියට සහ ගිනි නිවන භටයින්ට පහරදී තුවාල කරන්න පුළුවන්" බේරූට් ආණ්ඩුකාර මාවන් අබූඩ් පැවසීය. "කෙසේ වෙතත්, අනෙක් අතට මට පොලීසිය හෝ ආරක්ෂක අංශ ඒ ස්ථානයට හැවිය නොහැකියි."

ලෙබනනයේ කොවිඩ්-19 අවදානමද ඉහළ ගොස් ඇති බැවින් මෙම උද්ඝෝෂණ එය තවදුරටත් භයානක අඩියකට පත්කරනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් 6,223ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිත මරණ 78ක් වාර්තා වෙයි.



Recommended Articles