ලූලා මැතිවරණ තරගයෙන් ඉවත්ව පක්ෂයේ අපේක්ෂකයාට සහාය දෙයි


තම පක්ෂයේ අපේක්ෂකයාට අවස්ථාව ලබාදෙමින් මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමෙන් වැළකීමට හිටපු බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසිඕ ලූලා ද සිල්වා තීරණය කර තිබේ.

දූෂණ චෝදනා යටතේ සිර දඬුවම් විඳිමින් සිටියද, ලූලා යනු බ්‍රසීල දේශපාලනයේ මෙන්ම, මැතිවරණයේද වඩාත් ඉදිරියෙන්ම සිටිතැයි විශ්වාස කරන පුද්ගලයාය.

ඒ අනුව, ඔහු තමාගේ සියලු ශක්තිය කම්කරු පක්ෂයේ සහෝදර අපේක්ෂකයා වන ෆර්නැන්ඩෝ හැඩෑඩ් වෙත පිරිනැමීමට සූදානමින් සිටියි.

අන්ත-දක්ෂිණාංශික පක්ෂයේ අපේක්ෂකයා දේශපාලන රැළියක් අතරතුර පිහි ප්‍රහාරයකට ලක්වීමේ සිදුවීමත් සමග ලූලා මෙම තීරණය ගෙන තිබුණි.

විශේෂයෙන්ම, මේ සමග ඔහු වෙත රට වැසියාගෙන් ලැබෙන අනුකම්පාව හරහා කම්කරු පක්ෂයේ බලය ආරක්ෂා කරගැනීමට ලූලා මෙවැනි තීරණයක් ගත්තා විය හැකි යැයිද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



Recommended Articles