ලිබියාවේ ස්වභාවික යුරේනියම් ටොන් 2.5ක් අතුරුදන් වෙලා


ස්වභාවික යුරේනියම් ටොන් 2.5කට වැඩි ප්‍රමාණයක් ලිබියාවේදී අතුරුදන්වීමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික ඒජන්සිය පවසයි.

ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි තම ඒජන්සියේ සාමාජික රටවල් වෙත මෙය අනාවරණය කර ඇත.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී මෙම යුරේනියම් තොගය පිළිබඳ නිරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණත්, කලාපයේ ආරක්ෂක තත්ත්වයේ පැවති දුර්වලතා හේතුවෙන් එය ප්‍රමාද වී තිබුණු පරිසරයක පසුගියදා එය නිරීක්ෂණය කිරීමේදී අදාළ පරිශ්‍රයෙන් එය අතුරුදන්ව ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව, න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සඳහා යොදාගත හැකි මෙම යුරේනියම් තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව රෆායෙල් ග්‍රෝසි වැඩිදුරටත් පවසා සිටියි.



Recommended Articles