ලැව්ගිනි මැඬලීමට දැක්වූ චීන උපකාර පකිස්ථානය අගයයි


පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අක්තාර් නවාස් සට්ටි, බලුකිස්තානයේ කෝ-ඊ-සුලෙයිමාන් කඳුවැටියේ තිදෙනෙකුට මරු කැඳවූ ලැව් ගින්නකට එරෙහිව සටන් කිරීමට තම අසල්වැසියාට උදව් කිරීමට චීනය දරන උත්සාහය අගය කර තිබේ.

මැයි 27 වැනි දින ලැව්ගිනි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති අතථ්‍ය රැස්වීමකදී, දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව නවාස් සට්ටි විසින් ඉතා ඉහළින් කතා කර ඇති අතර, උපදෙස් දීමට විශේෂඥ කණ්ඩායමක් එක්රැස් කිරීම ඇතුළුව එහි වේගවත් ක්‍රියාමාර්ගය සඳහා චීනයට ස්තූති කර තිබේ.

මෙම හමුවට සහභාගී වූ චීන නියෝජිතයින් කියා සිටියේ පකිස්ථානය සමග ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.



Recommended Articles