ලැට්වියා අගමැතිවරයා ධුරයෙන් ඉවත් වෙනවාලු


ලැට්වියා අගමැති ක්‍රිස්ජානිස් කරීන්ස් සහ තම අමාත්‍ය මණ්ඩලය මෙම සතිය තුළ ධුරයන්ගෙන් ඉවත්වන බවට දැනුම් දෙයි.

විශේෂයෙන්ම, කැබිනට් මණ්ඩලය තුළ සිදුකිරීමට ගිය සංශෝධන සම්බන්ධයෙන් වත්මන් හවුල්කාර පක්ෂ සමග ඇතිවූ මතභේද සමග හෙතෙම මෙසේ ආණ්ඩුව විසුරුවා හැරීමට තීරණය කර ඇත්තේ, එලැඹෙන මැතිවරණයේදී තමාට පැහැදිලි බහුතර බලයක් දිනාගැනීමට හැකිවෙතැයි යන අපේක්ෂාවෙනි.

මාධ්‍ය හමුවක් කැඳවමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එලැඹෙන බ්‍රහස්පතින්දා තමා අගමැති ධුරයෙන් සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීත්වයෙන් ඉවත්වන බවයි.



Recommended Articles