ගිණිකොනදිග ලාඕසයෙ ජලාශයක වේල්ලක් කඩාගෙන යෑමෙන් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
අටාපු පළාතේ ජල විදුලි බලාගාරයක් වෙනුවෙන් ඉදිකළ වේල්ලක් කඩාගෙන යෑමෙන් ගම්මාන හයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව ලාඕස් පුවත් ඒජන්සිය පවසයි.
මිනිස් ජීවිත සිය ගණන් අහිමි වන්නට ඇති බවත්, තවත් විශාල පිරිසක් මේ හේතුවෙන් අතුරුදන් වන්නට ඇති බවත් විශ්වාස කෙරෙයි.