ලාඕසයේ අගුලු දැමීම තවදුරටත් දීර්ඝ කරලා


ලාඕසයේ රජය විසින් දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 අගුලු දැමීම තවත් දින 15ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී තිප්පකෝන් චන්තවොන්සා අද (04දා) ලාඕසයේ අගනුවර වියන්තියන් හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අසල්වැසි රටවල තත්ත්වය අවදානම්සහගත බවය.

එසේම ඩෙල්ටා ප්‍රභේදය ලාඕසයේ තහවුරු වී ඇති අතර, මේ තත්ත්වය තුළ අගුලු දැමීමේ නියෝගය ජූලි 19දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles