ජාත්‍යන්තර ආගමික සංවිධානයක් වන ලා ලූස් ඩෙල් මුන්ඩෝ දේවස්ථානයේ නායකයා ලෙස කටයුතු කරන නාසොන් ජැක්වීන් ගාර්සියා මිනිස් ජාවාරම්, ළමා අපචාර ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
කැලිෆෝනියා අධිකරණය පවසා සිටියේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළේදී ගාර්සියා අත්අඩංගුවට පත්වූ බවයි.
ඔහුගේ අනුගාමිකයන් අතර, ධර්ම දූතයෙකු ලෙස පෙනී සිටි ඇති මොහු මෙන්ම, ඔහු සමග සිටි තවත් කාන්තා විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා 26ක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, පෙර කී දේවස්ථානය නිවේදනය කරන්නේ ගාර්සියා නිර්දෝෂී බව ඔවුන් විශ්වාස කරන බවයි.
මෙම ආයතනයේ මූලස්ථානය මෙක්සිකෝවේ පිහිටා ඇති අතර, ඔවුන් ලොව පුරා අනුගාමිකයන් මිලියන 5ක් පමණ භෞතීස්ම කර ඇති බවද අවධාරණය කරයි.