ලා පැල්මා ගිනි කන්දෙන් නිමාවක් නොදකින පිපිරීම්


ලා පැල්මා දූපතේ වූ කුම්බ්‍රේ වීජා ගිනි කන්ද සන්සුන් වන බවක් නොපෙන්වන අතර, විශේෂඥයන් පවසන්නේ ඉන් තවදුරටත් ප්‍රචණ්ඩකාරී පිපිරීම් බලාපොරොත්තු විය යුතු බවයි.

සති හතරක කාලයක් පුරා ප්‍රචණ්ඩකාරී ලෙස පිපිරිමෙන් පවතින මෙම ගිනි කන්දෙන් පිටවන ලාවා සහ අළු එහි නිවාස හා වගාවන් විනාශ කර ඇති අතර, ඒ ආශ්‍රිත ජනතාව මේ වනවිටත් තාවකාලික ස්ථානවල රඳවා සිටියි.

විශේෂයෙන්ම මෙහි වෙසෙන ජනතාව පවසන්නේ, හදිසි සේවා මගින් ඉවත්වන ලෙස ඉල්ලා සිටීමට පෙර පදිංචිකරුවන්ට තම බඩු බාහිරාදිය එකතු කර ගැනීමට පැය කිහිපයක් පමණක් පැවති බවයි.



Recommended Articles