බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ලන්ඩන් පාලම මතදී එලල් වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් කිහිප දෙනෙකු පිහි ඇනුමකට ලක්ව තිබේ.
මෙම පිහි ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මෙට්‍රොපොලිටන් පොලීසිය කියයි.
ප්‍රහාරකයා පුපුරණ ද්‍රව්‍ය රැගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි බව පොලීසිය විශ්වාස කරයි.
බිබීසී වාර්තාකරු සඳහන් කළේ පාලම මත පුද්ගලයන් කිහිප දෙනෙකු පොරයක යෙදෙන ආකාරය දුටු බවත්, පසුව වහාම පොලීසිය පැමිණ වෙඩි තැබීමක් සිදුකළ බවත්ය.
වෙඩි ප්‍රහරයට ලක්වූ තැනැත්තාගේ ඡායාරූප සමාජ ජාල තුළ පැතිර යමින් පවතින අතර, එම ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.