ලන්ඩනයේදී පිහි ප්‍රහාර එල්ල කළ උස්මන් ඛාන් ත්‍රස්ත සැකකරුවෙක්


සිකුරාදා ලන්ඩන් පාලම මතදී පිහි ප්‍රහාර එල්ල කළ අන්තවාදී සැකකරු ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු සිරකරුවෙකි.

28 හැවිරිදි උස්මාන් ඛාන් ලෙස පොලීසිය විසින් නම් කරන ලද මෙම ප්‍රහාරකයා බලපත්‍රය මත බන්ධනාගාරයෙන් පිටතට පැමිණි අයෙකු වන අතර, මෙම පිහි ඇනුමෙන් එක් පුරුෂයෙකු සහ කාන්තාවක් මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මහජනතාව විසින් ඔහුව වළක්වා ගැනීමෙන් පසුව ඛාන් නිලධාරීන් විසින් වෙඩි තබා මරා දමනු ලැබිණි. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

2012 දී ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වූ ඛාන් පිළිබඳ බලධාරීන් යම් දැනුවත් භාවයකින් සිටි බව පොලිස් සහකාර කොමසාරිස් නීල් බාසු පවසයි.

ඔහු 2018 දෙසැම්බරයේ බලපත්‍ර යටතේ සිරෙන් නිදහස් වූ අතර, මේ වනවිට ප්‍රධාන විමර්ශනයක් වන්නේ ඔහු මෙම ප්‍රහාරය සිදු කිරීමට පැමිණියේ කෙසේද යන්න තහවුරු කිරීමට බවද ඔහු කියා සිටියේය.

පසුගිය වසරේ ඛාන් බන්ධනාගාරයෙන් නිදහස් වූයේ විද්‍යුත් ටැගයක් ඇඳීමට එකඟ වීමෙන් පසුව සහ ඔහුගේ චලනයන් නිරීක්ෂණය කිරීමෙන් පසුව බව ටයිම්ස් වාර්තා කරයි. නිලධාරීන් ඛාන් පදිංචිව සිටි ස්ටැෆර්ඩ්ෂයර් හි ලිපිනයක සෝදිසි කිරීම් සිදු කරයි.



Recommended Articles