ලන්ඩනයේ ප්‍රකට ඩබල් ඩෙකර් ගෙවත්තකට කඩා වැදී අනතුරක


ලන්ඩන් නුවර විශේෂ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සැලකෙන ඩබල් ඩෙකර් බස් රථයක් ගෙමිදුලක් වෙතට කඩා වැදී අනතුරට ලක්ව තිබේ.

ස්ට්‍රෙතම් වේල් වීදියේ නිවසක වැටක් කඩාගෙන මෙම බස් රථය අනතුරට පත්ව ඇත්තේ නත්තල් දිනට පසුදින හෙවත් බොක්සිං දිනයේදීය.

ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය පවාස සිටියේ මෙම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන් කළ අයට හෝ මාර්ගයේ ගමන් කළ අයට කිසිදු හානියක් සිදුව නොතිබුණත්, එම මාර්ගය වසා දමමින්, අනතුර පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ බවයි.

රතු වර්ණයෙන් යුතු ඩබල් ඩෙකර් බස් රථ ලන්ඩනයේ පොදු ප්‍රවාහන සේවා සපයන ප්‍රධාන මාධ්‍යයක් ලෙස කටයුතු කරන අතර, මෙවැනි බස් රථවලින් අවම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වෙයි.  



Recommended Articles