ලතින් ඇමෙරිකාවේ උරුගුවේ වෙත පැමිණි ප්‍රථම සීනොවැක් එන්නත් එරට ජනපති පිළිගනී


උරුගුවේ රාජ්‍ය වෙත චීනය විසින් සීනොවැක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් තොගයක් ලබාදීම සම්බන්ධයෙන් එරට චීන තානාපති හමුවූ අවස්ථාවේදී උරුගුවේ ජනාධිපති ලුයිස් ලැකාල් පෝ සිය ස්තූතිය චීනය වෙත පුදකොට තිබේ.

උරුගුවේ මොන්ටෙවීඩිඕ වෙත ගොඩ බැස්ස චීනයෙන් නැව්ගත කළ මෙම එන්නත් තොගය ලතින් ඇමෙරිකානු රටක් වෙත චීනයෙන් ලැබුණු ප්‍රථම එන්නත් තොගය වන අතර, මාර්තු මාසයේ දී එහි පුරවැසියන් එන්නත් කිරීම සඳහා මෙම එන්නත් භාවිත කිරීමට නියමිතය.

ලතින් ඇමෙරිකානු කලාපයද කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්වූ කලාපයක් වන අතර, මෙම කලාපය වෙත එන්නත් ලැබීමේ ප්‍රමාදයක් පැවතිණි.



Recommended Articles