ලතින් ඇමෙරිකාව බුවනෝස් අයර්ස් ප්‍රකාශනය එළිදක්වයි


ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් ප්‍රජාවේ (CELAC) රාජ්‍ය නායක‍යන්ගේ සහ එම රටවල 7 වැනි සමුළුව අඟහරුවාදා ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී අවසන් විය.

එහිදී සාමාජික රටවල් 33ක නියෝජිතයන් අත්සන් කර "බුවනෝස් අයර්ස් ප්‍රකාශනය" නිකුත් කිරීම විශේෂත්වයක් විය.

කලාපයේ ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කිරීමට සහ කලාපීය ඒකාබද්ධතාව සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීමට CELAC සාමාජික රටවල කැපවීම මෙම ප්‍රකාශනය විසින් අවධාරණය කර තිබේ.

කියුබාව, වෙනිසියුලාව සහ අනෙකුත් ලතින් ඇමෙරිකානු රටවලට එක්සත් ජනපදය විසින් පනවන ලද අවහිර කිරීම්, හුදකලා කිරීම සහ සම්බාධක ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බවත්, එම රටවල ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට බරපතල හානි සිදුකර ඇති බව පෙන්වා දෙමින්, එය නතර කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටීමක්ද මෙහිදී සිදුව තිබේ.



Recommended Articles