එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, කොවිඩ්-19 නොවන රෝගී තත්ත්වයකට ප්රතිකාර ගැනීමෙන් පසුව, තවත් රාත්රියක් කැලිෆෝනියාවේ රෝහලක ගතකර නිවෙස බලා යනු ඇති බව ඔහුගේ ප්රකාශකයෙකු පවසා තිබේ.
1993 සිට 2001 දක්වා එක්සත් ජනපදයට නායකත්වය දුන් 75 හැවිරිදි ක්ලින්ටන් අඟහරුවාදා සවස ලොස් ඇන්ජලීස් නුවර රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය.
ඔහුගේ ප්රකාශක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ "තවත් ප්රතිජීවක ඖෂධ ප්රතිකාරයකින් පසුව හිටපු ජනාධිපතිවරයා හෙට රෝහලෙන් නිකම යනු ඇති. ඔහු හොඳ සිහිකල්පනාවකින් සිටින අතර, ඔහු සිය පවුලේ අය සහ මිතුරන් සමගද රෝහලේ සිටිමින්ම කාලය ගත කළා" යනුවෙනි.