රෝමයට ඉරිදා දිනයේ මෝටර් රථයෙන් ඒම තහනම්


ඉතාලියේ රෝම නගරයට එක්රැස් වන අධික ජනගහනය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස ඉරිදා දිනයන්හි මෝටර් රථ නගරයට ඇතුළු වීම තහනම් කිරීමේ නීතියක් ගෙනැවිත් තිබේ.

යුරෝපා නියමිත වායු මට්ටම්වලට අනුගතව සහ එම නගරය ජීවත්වීමට සුදුසු නගරයක් බවට පත්කිරීමට රෝම නගරයේ බලධාරීන් ගෙනඇති වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

හරිත ඉරිදාවක් යන වැඩසටහන යටතේ නගරයේ හරිත කලාපයේ මෙලෙස ඉරිදා දිනවල මෝටර් රථ ඇතුළුවීම තහනම් කෙරෙන අතර, එම හරිත කලාපයට මධ්‍යම නගරය, දුම්රිය පොළ කලාප ආදිය ඇතුළත් වෙයි.

එමෙන්ම, රෝමයේ අතිශය පැරණි වීදියක්ද මෙසේ හරිත කලාපයට ඇතුළත් කර ඇති අතර, එය ක්‍රි.පූ.312ක් තරම් පෞරාණික නගරයක් ලෙස සැලකෙයි.



Recommended Articles